(නිමල් ජයරත්න)

පොළොන්නරුව සුංගාවිල ප්‍රධාන මාර්ගයේ දිග්ගල්පිටිය ප්‍රදේශයේ අද පෙරවරු 8.00 ට පමණ පෞද්ගලික බස්රථයක්, පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත්තු 12 දෙනකු තුවාල ලබා පුලස්තිපුර සහ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පුලස්තිගම පොලිසිය පවසයි.

දිවුලපිටිය ප්‍රදේශයේ සිට වන්දනාවේ පැමිණි පෞද්ගලික බස්රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

රෝහලේ ප්‍රතිකාර ලබන අයගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ මෙම බස් රථයේ 24 දෙනකු ගමන් කර ඇත.